ඊයේ (17) රාත්‍රී 7.30ට පමණ නුගේගොඩ - දෙල්කඳ මංසන්ධියේදී හයිබ්‍රිඩ් රථයකින් පැමිණි අයෙක් හා එම ස්ථානයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සමඟින් උණුසුම් වචන හුවමාරුව නිරත වුණා. ඔහු මාර්ගනීතී උල්ලංඝණය කරමින් රථය ධාවනය කළ නිසාවෙන් පොලිස් නිලධාරියෙකු විසින් වාහන නතරකර තිබූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ඉල්ලූ අවස්ථාවේදී එය පොලිසිය වෙත ලබානොදී නිලධාරියෙකුට පයින් පහරක් ගසා ඔහු එම ස්ථානයෙන් පිටව යන්නට තැත්කර තිබුණා. නමුත් නිලධාරීන් තිදෙනෙකු ඔහුව නතරකළ අතර පසුව දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබුණා. කෙසේ නමුත් අවසානයේ තමන්ගේ තාවකාලික රියදුරු බලපත්‍රය නිලධාරීන්ට ලබාදීමට ඔහුට සිදුවූ අතර මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහුට දඩයක්ද නියම වුණා. මීටපෙර මේ ආකාරයෙන්ම වූ සිදුවීමක් නිසාවෙන් පසුගියදා BMW රථයකින් පැමිණි කාන්තාවක් අත්අඩංගුවටද පත්වුණා. ඒ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම නිසාවෙනුයි.
හයිබ්‍රිඩ් රථයේ පුද්ගලයා හා පොලිසිය අතර වචන හුවමාරුව සිදුවූ අවස්ථාවේ සිද්ධිය ජංගම දුරකථයෙන් වීඩියෝ කර අයෙකු මේ වන විට හිරු ගොසිප් අපවෙත යොමුකර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න....
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon