Advertisements

නුගේගොඩ ගුවන් පාලම යට අක්ෂා- හංසමාලී-ශෂී ටෙලි නිළියන් ඇඳුම් ඉරාගෙන වලියක

මින් කලකට ඉහත මාධ්‍ය වල ප්‍රකටවූ සැලොන් එකකදී කෙහෙවලූ පටලවා ගැනීමේ ටෙලි නිළි ආරවුල සමාන සිද්ධියක් නැවත වතාවක් පසුගිය සතියේ නුගේගොඩදී සිදුව ඇතැයි වාර්තා වනවා.
විශාල වශයෙන් පිරිස් ගැවසෙන ස්ථානයක්වූ නුගේගොඩ ගුවන් පාලම යට 
කවුරුන්දෝ කාන්තාවන් තිදෙනෙකු එක්වී ගහගන්නා හැටි බලන්නට සෙනග රොක්වූ අතර ඇඳුම් ඉරාගෙන විළි ලජ්ජා සහගත ලෙස හැසිරෙමින් මේ රණ්ඩුවන්නේ මෙගා ටෙලි නාට්‍ය වල ප්‍රකට චරිත ර`ගපෑම නිසා නිතර දැක පුරුදු මුහුණු සහිත අය බව දැක පිරිස පුදුමයට පත්වුණා.
මින් ටික කලකට පෙර ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයෙකු සමග පැටලෙන්නට ගොස් නඩු වැටුණ ටෙලි නිළි ආක්ශා සුදාරි සහ


 පියුමි හංසමාලි යන දෙදෙනා එක්ව නුගේගොඩදී පහරදී ඇත්තේ නිරූපිකාවකවු ශෂී හේවගේටය. මෙම පහරදීමට හේතුව පියුමි හංසමාලි යන අය ශෂී ගැන ඇතිකරගෙන සිටි වැරදි අවබෝධයක් බව ඔවුන්ගේ අදහසයි.
 එම අවස්ථාවේ ශෂීගේ ඇදුම් ඉරා පහරදී තිබුණ අතර ඇයට ඇසිඩ් ගසන බවටද තර්ජනය කර ඇතැයි පසුව සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණා. 
නුගේගොඩ ගුවන්පාලම යටදී ඇඳුම් ඉරා ගනිමින් කාන්තාවන් තිදෙනෙකු ගුටිබැට හුවමාරුවක යෙදී ඇතැයි කියන ආරංචියට නුගේගොඩ අවට රාජකාරියේ යෙදුණ පොලිස් නිලධාරීන්ද එතැනට පැමිණි අතර මිරිහාන පොලිසියේ කාන්තා කාර්යාංශය ඔවුන් එතැනින් ඉවත් කරගෙන ගොස් පොලිසියේදී පරීක්ෂණ ඇරඹුවා.
ඔවුන් පොලිසියට කියා ඇත්තේ දෙදෙනාගේ ජීවිත හා බලපාන දෙදෙනාටම පෞද්ගලික වූ ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් මෙම ගැටුම ගුවන්පාලම යටදී සිදුවී ඇති බවකි.
පොලිස් කාන්තා කාර්යාංශයට කැඳවා ඔවුන් අතර පැනනැඟී ඇති මතභේදය සමථයකට පත්කිරීමට පොලිසිය ගත් තැත ව්‍යර්ථ වූ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය අධිකරණයට යොමු කරන්නටද පොලිසිය තීරණය කර ඇත.

Thanks for your comment
Loading...