
සිහින් සිරුරක් ඇති පුද්ගලයන් හා සැසදීමේදී තරබාරු පුද්ගලයන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වලදී ක්ෂනිකව වෙහෙසට පත්වීම, වැඩි කාලසීමාවක් සංසර්ගයේ යෙදීමේ හැකියාව අඩුවීම, ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි ආශාව අඩුවීම වැනි කරුණු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව සමීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබේ.
මෙම සමීක්ෂණයේදී තහවුරු කරගත් දක්ත අනුව සිහින් සිරුරක් හෝ එසේත් නොමැතිනම් සමබර සිරුරක් හිමි පුද්ගලයන් තරබාරු පුද්ගලයන්ට වඩා වැඩි වේලාවක් ලිංගික සංසර්ගයේ යෙදීම හා උත්තේජනය පිළිබදව වැඩි නැබුරු තාවයක් දක්වයි.
සමීක්ෂණය ස`දහා තරබාරු පුද්ගලයන් සිය දෙනෙකු හා සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයන් සියදෙනෙකු සම්බන්ද කරගෙන තිබුණි. ලිංගික ජිවිතයේ ඇතිවන ගැටළුවක් වන අධික තරබාරුකමට හේතු වන අධික මේදය සහිත ආහාර නිතර අනුභවය, කාබෝහයිඩ්‍රේට බහුල ආහාර පරිබෝජනය හා මත්පැන් පානය වැනි කරුණු උදරය විශාල වශයෙන් ඉදිරියට නෙරා ඒමට විශේෂයෙන් බලපානු ලබන හේතු බව පර්යේෂණ කණ්ඩායම පවසයි.
සෑම කාන්තාවක්ම නිදියහන උපරිම රසවින්දනයක් ලැබීම හා ලිංගික අද්දැකීම් ලැබීමට ආශාවක් දක්වන අතර වෛද්‍යවරුන් පවසන අන්දමට අධික මේදය උදරය තුල තැන්පත්වීම, නියමිත වේලාවට ශාරීරික ව්‍යායාම වල නිරත නොවීම, ශරීරය වෙහෙසට පත්වන ආකාරයේ වැඩ වල නොදීම, අධික ලෙස නිදා ගැනීම වැනි කරුණු මෙම තත්වයට ඛෙහෙවින් බලපානු ලබයි.
මෙම තත්වය මගහරවා ගැනීම ස`දහා ආහාර පාලනය හා ව්‍යායාම වල නිරතවීම ඉතා වැදගත් වේ.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon