Advertisements

ස්වයං වින්දනය ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්..


අපේ සමාජයේ සමහර මාතෘකා ගැන දැඩි උනන්දුවක් තිබුනත් ඒගැන කථා කිරීමට මැලිකමක් දක්වනවා. මේ නිසා ඇතිවූ අනිසි ප්‍රථීපල බොහොමයි. වැඩිහිටියන් තම දරුවන්ට ලිංගිකත්වය ගැන නිසි දැනුම ලබා නොදීම නිසා දරුවන් අසභ්‍ය සඟරාල පොත් පත්ල චිත්‍රපට සහ වෙබ් අඩවි වෙත මෙම දැනුම සොයා ඇදී යනවා.


අනිසි දැනුම අනිසි ප්‍රථීපල ගෙන එයි.

එම මාධ්‍ය වල ආරක්‍ෂිත ලිංගික හැසිරීම් ගැන සහ සදාචාරාත්මක ලෙස ලිංගිකත්වය දෙස බැලීම ගැන ඉගැන්වෙන්නේ නැහැ. එනිසා ඔවුන් ග‚කා ඇසුරල අසම්මත සම්බන්ධතා නිසා සමාජ රෝග සහ ඇතැම්විට අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ගබ්සාවටත් යොමු වෙලායි නවතින්නේ. එනිසා සමාජය විසින් ගොඩ නැගූ මතවාද වල වහලෙකු වනවාද නැතිනම් නිසි දැනුම අපේ මතු පරපුරට දී ඔවුන් භයානක ප්‍රථීපල වලින් ගලවා ගන්නවාද යන්න තීරණය කිරීමට කාලයයි මේ.

ස්වයං වින්දනය ගැනත් මේ වගේම දුර්මත තිඛෙනවා අපි බලමු සරළ දැනුවත් කිරීමකට අවශ්‍ය කරුණු කිහිපයක්.

ස්වයං වින්දනය යනු:
ස්වයං වින්දනය යනු ලිංගික අවයව තමන් විසින්ම උත්තේජනය කර ගැනීමෙන් ආශ්වාදයක් ලබන අවස්ථාවක්. සමහර යුවල අතරත් මෙය සිදු කරන අතර ඒ ගැන අපි පසු දිනක සාකච්ඡා කරමු. බොහෝ විට මෙය තමන්ගේ අත් වලින් ස්පර්ෂය මගින් සිදු කරන අතර ඇතැමුන් යම් යම් උපකරණ භාවිතා කරති ස්වයං වින්දනය බොහෝ විට සුරාන්තයකින් කෙළවර වේ.

ස්වයං වින්දනය අසාමාන්‍ය ක්‍රියාවක්ද?
නැත. සෞඛ්යාරක්ෂිත  ලෙස සිදු කරන සහ අනවශ්‍ය ලෙස එයට ඇබ්බැහි නොවී කරන තාක් කල් එය අසාමාන්‍ය නොවේ. මේ ක්‍රියාව මගින් තමන්ගේ ලිංගික අවයව උත්තේජනය වන අයුරු ගැන අවබෝධයක් ලැඛෙන අතර පසු කලකදී තම සහකරු/සහකාරිය සමග සම්බන්ධ වන විට එම අවබෝධය ප්‍රයෝජනවත් වේ. ඊට අමතරවල තම මනසේ ඇති ලිංගික අසහනය පිට කර දැමීමට මෙය උදවු වේ. එමගින් ඔවුන් තවත් කෙනෙකුට ලිංගික අතවරයක් කිරීම දක්වා අසහනය වර්ධනය වීම පාලනය වේ. (යමෙකු තම සීමාව ඉක්මවා තව කෙනෙකුට ලිංගික අතවරයක් කලොත් නීතිය හමුවේ වරදකරුවකු වී බන්ධනාගාරගතවීම පවා සිදු විට හැකි බව අවධාරණය කල යුතුය)

ස්වයං වින්දනය නිසා ඇතිවන අනිසි ප්‍රථීපල
ඔබ අසා ඇති ස්වයං වින්දනය නිසා සමාජ රෝග බෝවන බවත් සමහර විට අන්ධ විය හැකි බවත් අල්ලේ කෙස් වැවෙන බවත් ආදී වශයෙන් විවිධ මිත්‍යා මත.

ස්වයං වින්දනය කරන අවස්ථාවේ ඔබේ අත් 100% පිරිසිදු නම් ලිංගික රෝග හෝ වෙනත් රෝග කාරකයක් ඔබේ ලිංගික අවයව වලට ඇතුළු වීමට අවස්තාවක් නැහැ. ඒ වගේම මේ සඳහා උපකරණ භාවිතා නොකරන්නේ නම් ඒවා මගින් එන රෝග කාරකද ඇතුල් වීම වැළැක්විය හැකියි.

තවද සමහරුන් මෙහි තරමට වඩා යෙදීම නිසා ලිංගික අවයව වල සීරීම්ල සම පැලීම් ඉදිමීම් ආදිය විය හැකියි එනිසා පාලනයක් ඇතිව කල යුතුයි.

අනිත් අනිසි ඵලය වන්නේ ස්වයං වින්දනයට ඇබ්බැහි වී තම එදිනෙදා ජීවිතය අවුල් කර ගැනීමයි. මෙයින් වැලකීමට අප කටයුතු කල යුතුය. හොඳ මිතුරු ඇසුර ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු වල නිරත වීම ආදිය නව යොවුන් වයසේ සිටම හුරු කල යුතුය.

මේ වන විට ඔබ වැඩිහිටියෙක් වශයෙන් මෙම තත්වයට මුහුණ පා සිටී නම් වහාම උපදේශක වරයෙකු හමුවී උපදෙස් ගන්න. එසේ උපදේශක වරයකු නොමැති නම් අවම වශයෙන් ඔබේ කාලය ශාරීරික ව්‍යායාමල සමාජ සේවාල විනෝදාංශ ආදියට යොමු කර පමණට වඩා ස්වයං වින්දනයෙන් ඈත් වන්න.

Thanks for your comment
Loading...