Advertisements

සේයාගේ මව සමන්තිගේ ජංගම දුරකථනය අතුරුදන්වී හමුවීම ගැන සැකයක්

තවම අපරාධකරුවන් නිශ්චිතව හදුනාගෙන නොමැති ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරියගේ ඝාතන සිද්ධියට ඈඳුණ විවිධ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසියට සේයාගේ මවගේ ජංගම දුරකථනය සිද්ධිය සිදුවූ දින සිට අතුරුදන්ව තිබී පසුව එම නිවස ආසන්නයේ විසිකර දමා තිබියදී හමුවීම සැකයක් මතු කර තිඛෙනවා.
සේයාගේ මව සමන්තී පේෂකර්ම ගුරුවරියක ලෙස සේවය කරන්නියකි. ඇය දිනපතා සිය රාජකාරියට 
යන්නියකි. ඇගේ කටයුතු සඳහා යොදාගන්නා ජංගම දුරකථනය නිවසේදී තබා ඇත්තේ සේයා අතුරුදන්වූ කාමරයේමය.
දැරිය අතුරුදන්වූ දින සේයාගේ මවත් පියාත් මනස අවුල් කරගෙන සිටියදී මෙම දුරකථනය නිවසේ නොමැතිවීම ගැන නිනව්වක් තිබී නැත. පසුදා සිරුර හමුවූ අවස්ථාවේ පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී සේයාගේ පෙර පාසල් ගුරුවරියගේ අංකයක් පොලිසියෙන් ඉල්ලා සිටි


 අවස්ථාවේ සේයාගේ මව වන සමන්තී එය ලබාදෙන්නට දුරකථනය සොයද්දී ඇගේ දුරකථනය නිවසින් අතුරුදන්ව ඇති බව දැනගෙන ඇත.
 ඒ අනුව පොලිසිය ඇගේ දුරකථන අංකයේ විශ්ලේෂණ වාර්තා පිරික්සීමේදී එය මළ සිරුර හමුවූ ඉරිදා දිනයේ සිට ක්‍රියාකර නොමැති බව හෙළි විය.

සේයා සොයා ගම්මුන් හා පොලිසිය කැලෑව පීරමින් කළ මෙහෙයුම් වලදීවත් මෙම ජංගම දුරකථනය හමුවුනේ නැත. කෙසේ නමුත් සිද්ධියෙන් දින දෙකකට පසු අ`ගහරුවාදා සේයාගේ නිවසේ මිදුලේ තිබී මෙම දුරකථනය හමුවීම කිසියම් සැකයක් ඇති කර තිඛෙනවා.

එය රැගෙන යන්නට ඇත්තේ මිනීමැරුම සිදු කළ අය බවට සැක මතුවන අතර ඔවුන් නැවත එය නිවසට ගෙනවිත් දමා ඇති බවද පෙනෙන්නට තිබේ. එය හමුවන විට එහි බැටරිය හා ෆෝන් කොටස වෙන වෙනම එකළ`ග තිබී ඇත. සිම් එක අතුරුදන්වී නැති අතර එයද ඇතුළේ තිබී ඇත.
මෙම දුරකථනය හා ඝාතකයා අතර සම්බන්ධයක් තිබේ නම් නිශ්චිතවම ඝාතකයා අසළ පදිංචිකරුවෙකු බව පොලිසිය විශ්වාස කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් 17 හැවිරිදි පාසල් සිසුවා මිතුරන් හා එක්ව ගංජා ගැසීමට ඇබ්බැහිවූවෙකු වන අතර ඔවුන්ගේ ගංජා ගැසීමේ තිප්පොළ ලෙස ගම් වැසියන් හඳුන්වන ස්ථානය සේයාගේ මළ සිරුර හමුවූ ජනශ+න්‍ය කැළෑ පෙදෙසෙ බව කියැවේ. ඔවුන් පොලිසිය හමුවේ මෙයට සම්බන්ධ නැති බවට තවම ප්‍රකාශ කරන බවද වාර්තා වෙනවා.
Thanks for your comment
Loading...